News Items (18842)
වැසි තත්වය හමුවේ ජලාශවල ජලය වේගයෙන් ඉහළට පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වැළලෙන්නට යන ජාතික ගුවන් සේවය ගොඩගන්නට එන සුප්‍රකට ව්‍යවසාය ගැළවුම්කරුවා
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්: ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව බලාපොරොත්තුවක්…
අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.
මාලිමා බොරුව සහ ජවිපෙ කෙරැවාව - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මාලිමා වෙස් මුහුණ පැළඳ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ගතවූ පනස් තුන් වසරක කාලය තිස්සේ රටේ බලය ඇල්ලීමට යොදා ගත් උද්යෝග පාඨ හා ක්‍රියාකාරකම් රටේ පවත්නා දේශපාලනික හා සාමාජික අපේක්ෂාවන්ට පටහැනි විය.
සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.
රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි.
රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.
එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.
ජනපති ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මතක් කළා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ජනතාව එතෙර කල හැටි සහ ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මහතා මතක් කළා යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර, අධිනීතිඥ නවින් දිසානායක පැවැසුවේය.
