වැසි තත්වය හමුවේ ජලාශවල ජලය වේගයෙන් ඉහළට පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

Published in පුවත්
Monday, 27 May 2024 16:53

පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති මෙම වැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 43,792 දෙනෙකු පීඩාවට පත්වී සිටී.

සක්‍රීය වූ නිරිතදිග මෝසම් වර්ෂාව දිවයිනේ දිස්ත්‍රික්ක 19කට බලපෑම් එල්ල කර ඇත.

ඒ අනුව වැසි හමුවේ පහත්බිම් තවදුරටත් ජලයෙන් යටවී තිබේ.

වැඩිම හානියක් සිදුවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ පහත්බිම්වල රැඳී සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදාවත් එක්වී සිටී.

කළු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය මේ වනවිට ගංවතුර මට්ටමක් දක්වා ළගාවී තිබේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ගුරුගල් ඔය ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබේ.

කටුගස් හීන්න දිය ඇල්ල, සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දියඇලිවලින් ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.

වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයකින් ගම්පොළ කුරුඳුවත්ත ගඟේ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාක්ෂාව ප්‍රදේශයේ නිවාස පෙළකට හානිවී තිබුණි.

ඒ අනුව නිවාසවල රැඳී සිටි පුද්ගලයින් 80 දෙනෙකු තාවකාලිකව ප්‍රදේශයේ පාසලකට යොමු කෙරුණි.

මේ අතර දිස්ත්‍රික්ක 7කට අදාළව නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත් වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 11,548ක, පුද්ගලයින් 43,792ක් පමණ පීඩාවට ලක්වී සිටී.

පවතින තත්ත්වයත් සමඟ ඩෙංගු හිස එසැවීමේ අවදානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us