ගාසා තීරයට ඊශ්‍රායලයෙන් තවත් දරුණු ප්‍රහාරයක්

Published in විදෙස්
Monday, 27 May 2024 10:26

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ වාර්තා පවසයි.

එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බවද පැවසෙයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය "නිවැරදි අවි සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු මත" සිදු කළ බවත්ය.

ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆා සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණි.

එම ප්‍රහාරය ජනවාරි මාසයෙන් පසු එල්ල කළ පළමු දිගු දුර ප්‍රහාරය බවද සඳහන් වෙයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us