පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව වාර්තා වේ.
පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පිපිරීමෙන් පසුව ඒ වෙත පැමිණි හදිසි සේවා අංශ ගොඩනැගිල්ල තුළ සිටි පිරිස වහාම ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.
පිපිරීම සිදුවූ ගොඩනැගිල්ල ආසන්නයෙන් ජනතාව ඉවත් කිරීමට හදිසි සේවා අංශ කටයුතු කර ඇත.
ඒ ගොඩනැගිල්ල කඩා වැටීමට පැවති අවදානම සැලකිල්ලට ගනිමිනි.
පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත.
පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව සඳහන්ය.
-P.M