රාජ්‍ය ගෞරව මැද ඉරාන ජනා­ධි­පතිගේ අවසන් කටයුතු අද සිදු කරයි

Published in විදෙස්
Thursday, 23 May 2024 08:23

හෙලි­කො­ප්ටර් අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයි­සිගේ අව­සන් කට­යුතු රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුව­රදී එරට අාධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එම අන­තු­රින් මියගිය ඉරාන විදේශ ඇමැති හොසේන් අමී­ර­බ්ඩො­ල්ලා­හි­යන්ගේ අව­සන් කට­යුතු දකුණු ටෙහෙ­රාන් නුව­රදි සිදු කිරී­මට නිය­මිත බව ද වාර්තා වේ. ජනා­ධි­පති රයිසි, විදේශ ඇමැ­ති­ව­රයා ඇතුළු පිරි­සගේ දේහ­යන්ට විදෙස් නියෝ­ජි­ත­යන්ගේ අව­සන් ගෞරව දැක්වීම ඊයේ ටෙහෙ­රාන් අග­නු­ව­රදී සිදු කළ බව ද වාර්තා වේ. ඉබ්‍රා­හිම් රයිසි ඇතුළු සෙසු අයගේ දේහ­යන්ට අව­සන් ගෞරව දැක්වීම ටෙහෙ­රාන් නුවර විශ්ව­වි­ද්‍යා­ලයේ සහ නිද­හස් චතු­ර­ස්‍රයේ දී සිදු කර ඇති අතර, දහස් සංඛ්‍යාත ජන­තාව එම අව­ස්ථා­වට එක්වූ බව ද වාර්තා වේ.

විදෙස් රට­වල රාජ්‍ය නාය­ක­යන්, ඇමැ­ති­වරු සහ තානා­ප­ති­වරු විශාල පිරි­සක් එම අව­ස්ථා­වට එක්වී ඇති අතර, ඉරාක අග­මැති අල් සුඩානි, පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරිෆ්, අස­ර්බ­යි­ජාන් අග­මැති අලි අස­ඩොව්, ආමේ­නි­යාවේ අග­මැති නිකොල් පෂි­නි­යන් ඒ අතර සිටින බව වාර්තා වේ. මීට අම­ත­රව ටියු­නී­සි­යාවේ ජනා­ධි­පති කයිස් සයිඩ් ද පැමිණි බව වාර්තා වන අතර, ඉරාන විප්ල­ව­යෙන් පසු පළ­මු­ව­රට ටියු­නී­සි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­යකු ඉරා­න­යට පැමිණියේ පළමුවරට බව ද වාර්තා වේ.

මීට අම­ත­රව කටාර්, කුවේට්, බෙල­රු­සි­යාව, ජෝර්දා­නය, ඕමා­නය, ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් රැසක විදේශ අමා­ත්‍ය­වරු ද, තවත් විදෙස් නියෝ­ජි­තයෝ රැසක් ද අව­සන් ගෞරව දැක්වී­මට පැමිණි බව වාර්තා වේ. හමාස්, හෙස්බුල්ලා සහ තලේ­බාන් සංවි­ධාන නියෝ­ජි­ත­යන් ද හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­සන් ගෞරව දැක්වී­මට පැමිණ ඇතැයි ද, බොහෝ විදෙස් නියෝ­ජි­ත­යන් ඉරාන අාධ්‍යා­ත්මික නායක අය­තුල්ලා කමේනි මුණ ගැසී පෞද්ග­ලි­කව ශෝකය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

-P.M

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us