2024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරනු ලැබු “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය ඊයේ (22) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.

රජය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත අනුමත කළ බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ තහවුරු කළේය.

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී ඇති බව වාර්තා වේ.

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ  පැව­සීය.

ලබන මාසයේ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වීමට පෙර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද්විපාර්ශ්වික ණයහිමියන් වන පැරිස් සමාජයේ නිල ණය කාරක කමිටුව (OCC) සහ චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM බැංකුව) සමඟ රජය අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කිරීමට අපේකෂා කරන බව දැනගැනීමට තිබේ.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීම ලබා දීමට වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

Connet With Us