ෆොන්සේකා පොතක් පෙරළගෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කරයි   Featured

Published in පුවත්
Thursday, 23 May 2024 10:22

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ වත්මන් සභාපතිවරයා ජුනි මාසයේදී ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බව ෆොන්සේකා මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතයි.

සජබයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට ද ෆොන්සේකා සමත් වී ඇති අතර අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන් සමඟ තිරය පිටුපස සාකච්ඡා පැවැත්වෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය දූෂණයෙන් තොර රටක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි ද ‘අරගලය’ උද්ඝෝෂණයේදී හිටපු හමුදාපතිවරයා ද පාරට බැස්ස අතර ඒ අවස්ථාවේ ඔහුට ලැබුණු සහයෝගය මත ගමන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසේ.

හිටපු හමුදාපතිවරයා තම ජනාධිපති අපේක්ෂකත්වය ඉහළ නැංවීමට වෙනුවෙන් යුද්ධය පිළිබඳ පොතක් එළිදැක්වීමට ද බලාපොරොත්තු වන අතර මෙම ග්‍රන්ථයෙන් ගැටුමට අදාළ තොරතුරු සහ එවකට යුද හමුදාපතිවරයා ලෙස ඔහු ඉටුකළ කාර්ය භාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.

මේ අතර හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයකු ලෙස ෆොන්සේකා මහතා හමුවීමට උත්සාහ කර ඇති නමුත් ඔහු වික්‍රමසිංහ මහතා හමුවීම ප්‍රතික්ෂේප කර නැති නමුත් තමන් ජනාධිපති ධූරයට තරග කිරීමට ගත් තීරණය ඉල්ලා අස්කර නොගන්නා බව පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරයා පසුගියදා ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර තිබු නමුත් සාකච්ඡා කළ කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි නොවුණි.

මේ වන විටත් ෆොන්සේකා මහතා රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සමඟ නිල නොවන සාකච්ඡා පවත්වා තමාගේ ඉදිරි නිවේදනය පිළිබඳව ඔවුන් දැනුවත් කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මූලාශ්‍රයට අනුව, ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කිරීමට ෆොන්සේකා සිය අභිප්‍රාය පෙන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us