රජයේ ආයතන රැසක වාහන 5000ක් අතුරුදන්

Published in පුවත්
Monday, 27 May 2024 12:37

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා  වාහන  පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.

මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇතැයි 
කියති.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්වී ඇති බවට  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  පසුගියදා තොරතුරු අනාවරණයවිය. මෙසේ අතුරුදන් වාහන 1794ට  මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක්  ඇතුළත් වේ.

බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 177ක පැවරීම්වල නීත්‍යානුකූල භාවය පවා තහවුරු කර ගැනීමට නොහැකිවී තිබූ බවද විගණන වාර්තාවක සඳහන්වේ.

මෙසේ අතුරුදන් වාහනවල වටිනාකම  තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකිවී ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ  කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියද  දුර්වල තත්ත්වයකට පත්ව තිබුණු බවත්  සඳහන්වේ.

මේ අතර  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  නමට ලියාපදිංචි කෙරුණු  මෝටර් රථ 212  ක්  අස්ථානගතවී ඇති  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට  කටයුතු  කෙරෙන බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු  වාහන නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි  විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.

මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිතා කළද ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයට   කටයුතු කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට  පිළිතුරු ලබාදී නැතැයි  එම   වාර්තාවේ දැක්වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද  දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය මගින් අනාවරණය කර ඇත. දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇද්ද පිළිබඳ පරීක්ෂා කළ යුතු බව විගණනය ම නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා  විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර  ඇති බවය. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති බවත්  ඒවා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බවත්   ගණන් දීමේ නිලධාරියා විගණනයට ප්‍රකාශකර ඇත.


- ලංකාදීප 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us