අධි­ක­රණ බලය ගමේ ජන­තාව දක්වාම ගමන් කළ යුතුය යන ස්ථාව­රයේ වෙන­සක් නැති බවත්, නීති සකස් කර ගනි­මින් එම නීති ක්‍රියා­ත්මක කර­මින් ජන­තාව දැන­ටත් කට­යුතු කරන මර­ණා­ධාර සමිති ඊට එක් උදා­හ­ර­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික ලාල්කාන්ත කුණ්ඩ­සාලේ පැවැති ජාතික ජන බල­වේ­ගයේ ප්‍රචා­රක වැඩ­ස­ට­හ­න­කට එක්වෙ­මින් පවසයි.

ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉවත් කළ දූෂණ සහ අල්ලස් නඩු අසූ නවයක් නැවත විභාග කිරීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ පෙන්වා දෙයි.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව ඊයේ (30) රට පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (30) පැවැසීය.

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව දැනටමත් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, යුරෝපා සංගමය දැනටමත් සිය විශේෂඥයින් භූමියේ තත්ත්වය පිළිබඳ පූර්ව මැතිවරණ තක්සේරුවක් සඳහා යොදවා ඇති බව වාර්ථා වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිහාසයේ පළමු වරට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අද(31) වරදකරුවෙකු බවට පත්විය.

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Connet With Us