ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.

-P.M

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ, පාචනය වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ.

නිසි දිගුකාලීන උපාය මාර්ගික වැඩපිළිවෙළකට අනුව ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමගින් වූ ශක්තිමත් ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) හවුල්කාරීත්වය හරහා දිගින් දිගටම පාඩු ලබමින් මෙරට මහජනතාවට විශාල ආර්ථික බලපෑමක් කරන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කිරීමේ තමන් සතු හැකියාව හා ඒ සඳහා ඇති විද්‍යානුකූල හා උපායමාර්ගික සැලසුම් මේ වන විටත් මෙම සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇත.

හෙට වැසෙන පාසල්

Published in පුවත්
Tuesday, 04 June 2024 17:57

හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම තීන්දුව පහත පරිදි වෙයි.

ස්ථාන 97 කදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක්රැස් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Connet With Us