මාස 5 කට ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවක් ! අයහපත් කාලගුණයෙන් ඩෙංගු මර්දන වැඩසටහනුත් කල් යයි

Published in පුවත්
Wednesday, 05 June 2024 09:10

මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය.

"ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට රෝගීන් 90,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ හා සමානව ජනවාරි මාසයේත් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. 10,000 අධික ප්‍රමාණයක් මේ වනවිට රෝගීන් මේ මාස 05 තුළ 25,000කට අධික ප්‍රමාණය වාර්තා වෙලා තියෙනවා නමුත් ජනවාරි මාසයෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රමක් ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දැක්කා. මැයි මාසයේ අග භාගය වන විට සුළු වශයෙන් රෝගීන් වැඩි වීමක් අපි දැක්කා. ඉදිරියේදී මෝසම් වැසි සමග රෝගීන්ගේ වැඩිවීමට අවදානම තියෙනවා. පරිශ්‍ර 93,874ක් අපි පරීක්ෂා කරලා තියෙනවා. මෙතනින් මඳුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 28,310ක් අපි හඳුනගෙන තිබුණා. ඒ වගේම මඳුරු කීටනයන් සහිත පරිශ්‍ර 4,890ක් හඳුනගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සෑම පාසල් 05කට ම එකක් ආසන්න ප්‍රමාණයක මඳුරු කීටයින් බෝවෙන ස්ථාන හඳුනා ගත්තා. ඉතාමත් වැදගත් සහ අවදානම් තත්ත්වයක් ටියුෂන් පන්ති වගේ නැත්වල 9%ක මඳුරු කීටයන් බෝවෙන් ස්ථාන අපි හඳුනගෙන තියෙනවා."

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුව ඇති බවද සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන මහතා පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us