නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබේ.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දේශපාලකයා බලන්නේ ඊළඟ ඡන්දය දිනන හැටිය.
රාජ්ය තාන්ත්රිකයා බලන්නේ ඊළඟ පරම්පරාව දිනවන හැටිය.
 
අනාගත පරම්පරාව දිනවන දේශපාලනයේ යෙදෙන්නෙක් අද රටේ නැති තරම්ය.
..වැඩවර්ජන ගැන නරක ඉතිහාසයක් අපේ රටට ඇත. හොඳම පාඩම අසූවේ ජූලි වැඩවර්ජනයයි. හයෙන් පහක බලයක් සහිතව බලයට පත් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඉදිරියේ, දැවැන්ත වර්ජනයක් එදා පැන නැගිණි. එතුමා උත්තර දුන් ආකාරය වෙනස්ය. සේවයට නොපැමිණෙන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කළේය. හතළිස් දහසක් රැකියා අහිමි කර ගත්තේය.
එදා වර්ජනය මෙහෙයවන ලද වෘත්තීය සමිති ගණන 1024 කි . නමුත් ඔවුන් රැකියා අහිමි වූ සාමාජිකයන් ගැන සොයා බැලුවේ නැත. අහිංසක වැඩ කරන ජනතාව පොළඹවා ඉදිරියට යැවූ නායකයෝ ‘අන්තිම සටනට සැරසියව්’ යනුවෙන් මුර ගා කෑ ගසා වැඩ කරන ජනතාව අතරමං කළහ...
 

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව පවත්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව ද වාර්තාවේ. 

වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය වැඩි වී ඇති බවට වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල මගින් පෙන්වා දෙන බවට මතයක් ප්‍රචාරය වෙමින් පවතී.

Connet With Us