අද රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

Published in පුවත්
Tuesday, 16 July 2024 09:09

අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (16) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.

අද උදෑසන 9 සිට සවස 4 දක්වා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසිය.

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ කටයුතු අද සිට සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මොළේ උණ වැළදීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යෑමත් සමග මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පසුගිය 13 වන දින මියගිය අතර එම මරණ පරීක්ෂණයේ දී මොළේ උණ රෝගයෙන් ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

ඊට අමතරව මොළේ උණ බවට සැකකෙරෙන තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සතියකට සීමා කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us