පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි
වාර්තා වේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ.

අද(15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිත ය.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

Connet With Us