ගැහුවේ ට්‍රම්ප්ට, වැදුනේ බයිඩන්ට

Published in විදෙස්
Sunday, 14 July 2024 12:07

අද පාන්දර නැගිටින කොට අපේ හිතවත් ට්‍රම්පච්චිට වෙඩි තියල තිබුණා. පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් සිටිද්දි තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නෙ.


වාසනාවකට වෙඩිකරුගේ ඉලක්කය 99.99 න් ගිලිහෙනවා. බුලට් එක වදින්නේ ට්‍රම්ප් මහත්තයාගෙ දකුණු කනේ උඩ කොටසේ. ඉලක්කය වරදින්න හේතුව ඝාතකයා සිටියේ මීටර් සීයක් පමණ ඈතින් හිටපු නිසා වෙන්න පුළුවන්. චූට්ටක් එහෙ මෙහෙ උනානම් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ඉතිහාසයට එක් වෙලා ඉවරයි. එහෙනම් එතුමාගෙ අවසන් වචනය Take a look What happened" එහෙම කියන කොටම තමා කණ ගාවින් මාරයා මාරු වුණේ.

කණ අත ගාල බලන ට්‍රම්ප් වහාම බිමට පාත් වෙනවා. ඒත් එක්කම වටේ රැස්ව සිටි ජනතාවද බිමට පාත් වෙනවා. තව වෙඩි පහර කිහිපයක් එල්ල වුවත් ට්‍රම්ප් මහත්තයා බේරෙනවා. ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ (US Secret Service) නිලධාරීන් වහා පැන ට්‍රම්ප් වට කරගන්නවා.

US secret Service නිලධාරීන් විසින් වහාම වෙඩික්කරු ඝාතනය කළා. මෙම ඛේදවාචකය නිසා republican පක්ෂයේ ආධාරකරුවෙක් මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

තමන්ගේ දේශපාලන සතුරාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම ගැන ජනාධිපති ජෝ බයිඩන් කම්පාවට පත්ව තිබුණා. " එක්සත් ජනපදය තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයකට ඉඩක් නැහැ" යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. තමන් ඉදිරි පැය කිහිපය තුළ ට්‍රම්ප් මහතාට කතා කරන බව ඔහු ප්‍රකාශ කළා. කොහොමත් මේ වෙඩි උන්ඩය බයිඩන් මහත්තයාට දේශපාලන අවාසියක්. ඉලක්ක කළේ ට්‍රම්ප් උනාට බිම වැටුණේ බයිඩන්.

2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙතැයි අපේක්ෂිත රිපබ්ලිකන් සෙනෙට්වරයෙකු වූ JD වැන්ස් බරපතල ප්‍රකාශයක් කළා. ඝාතන ප්‍රයත්නය ගැන කෙළින්ම බයිඩන්ට චෝදනා නොකළත් ඔහු කිව්වේ බයිඩන්ගේ වාචාල බොරු කතා නිසා ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ වැටුණු බව. ඒත් බොහෝ දේශපාලන විචාරකයන් එම මතය බැහැර කරනවා. දේශපාලනයේදී තම සතුරාව දැඩිව විවේචනය කිරීම සාමාන්‍ය දෙයක් බවයි බහුතර මතය.

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, ජෝජ් W. බුෂ්, බැරැක් ඔබාමා මේ ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

ඔය අව් අස්සෙ ශ්‍රී ලංකාවෙ වගේ සීන් එකකුත් වෙලා තියෙනවා. රැළිය ආරම්භ වීමට පෙර යමෙක් ආයුධයක් අතැතිව ඒ ආසන්න හොඩනැගිල්ලක වහලය මත වළහෙකු මෙන් බඩගාමින් සිටි බව කිහිප දෙනෙකු දැක තිබුණා. ඔවුන් ඒ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබුණා. සමහර විට පොලීසිය හිතන්න ඇති ඒ හිම වළහෙක් බඩ කසා ගන්නවා කියල.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා ඝාතනය වූවානම් එය ඉතාම බරපතල ඛේදවාචකයක්. ලෝක සාමයට බාධාවක්. ට්‍රම්ප් මහතා නැවත ජනාධිපති තනතුරට පත් වූ පසු රුසියානු- යුක්‍රේන යුද්ධය විසඳාගැනීමට හැකිවනු ඇතැයි ව්ලැදිමීර් පූටින් පවා විශ්වාස කරනවා.

ජනාධිපතිවරණයේ Republican අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව තහවුරු වී ඇතත් පක්ෂය විසින් ඒ බව නිල වශයෙන් තහවරු කළ යුතුයි. ඒ සඳහා වන පක්ෂ සම්මේලනය රැස්වීමට නියමිතව ඇත්තේ සඳුදා (15) එනම් හෙට දිනයි. ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකු වූ මේ හිතුවක්කාර නාකි මයිනා අනිවාර්යයෙන් නැවතත් ධවල මන්දිරයට යන බව පැහැදිලියි.

මූණෙන් ලේ පෙරාගෙන ආරක්ෂයක් විසින් කුදලාගෙන යද්දි ට්‍රම්ප් "Fight fight ....God Bless America" යනුවෙන් අත මිට මොළවමින් කෑ ගසනවා. නිරූපිකාවො එක්ක කොටු පැනලා අහු උනාම ඒකත් තමන්ගෙ වාසියට මාකට් කර ගත්ත ට්‍රම්ප් මහත්තයාට මේ වෙඩි උණ්ඩය ඉහටත් උඩින්.

මේ ප්‍රහාරය ට්‍රම්පච්චි විසින්ම සිදුකර ගත්ත මගෝඩියක් කියල කියන්න තරම් ෆේස්බුක් බුද්ධි බලකායක් තාම ඇමෙරිකාවෙ නැහැ.

Shanaka Madhushan Liyanagama ·

Genius club දිනියස් එකතුව மேதாவி கழகம்
facebook පිටුවෙන්

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us