ට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට ! ට්‍රම්ප්ට එරෙහි නඩුවකිනුත් නිදොස්කොට නිදහස් කෙරේ

Published in විදෙස්
Tuesday, 16 July 2024 09:26

නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබේ.

ඒ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී ය.

ඒ අනුව ඔහුගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී ඇති පසුබිමකය.

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.

එහිදී වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි.

මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

මේ අතර අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ රහස්‍ය ලේඛණ තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.
රහස්‍ය ලේඛන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහි අපරාධ චෝදනා 40ක් යටතේ නඩුව විභාගයට ගනු ලැබූයේ ෆ්ලොරිඩාහි අධිකරණයක් විසිනි.

ජාතික ආරක්ෂක තොරතුරු හිතාමතා රඳවා තබා ගැනීම ඇතුළු රහසිගත ලේඛන සගවා තබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ චෝදනා කිහිපයකට ට්‍රම්ප් නිවැරදිකරු බවට විනිසුරුවරයා තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us