ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය හදිස්සියේ වැඩි වෙලා ද?   Featured

Monday, 15 July 2024 12:57

වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය වැඩි වී ඇති බවට වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල මගින් පෙන්වා දෙන බවට මතයක් ප්‍රචාරය වෙමින් පවතී.

මෙම සමීක්ෂණය අනුව ''මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් පෙන්වා දී ඇත.

එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7%ක අගයෙන් 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇත. වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ග කර තිබෙන අතර, එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන්ගුණයකින් ඉහළ ය. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර, එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%කි. 2024 පෙබරවාරි මාසයේ එසේ සිතූයේ 9%ක පිරිසක් පමණි.

2024 ජූලි මාසයේ දැනගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ ද, වේ. 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජූනි මාසයේ ය.

මෙම කරුණු සංසන්දනාත්මකව පහත විස්තර කර ඇත.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 24%

"වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැද්ද?" යන ප්‍රශ්නයට පිළිතුරු දුන් 24% ක් කියා සිටියේ, ඔවුන් එය අනුමත කරන බවයි (ආන්තික දෝෂය ± 2.73% සහිතව). මෙය, 2023 ජූනි මාසයේ ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බවට ලැබී තිබූ 21%ක ප්‍රතිශතයට වඩා ඉහළ ය.

ආර්ථික තත්ත්වය ගැන අදහස හොඳ හෝ විශිෂ්ට: 28%

"අද රටේ ආර්ථික තත්වය විශිෂ්ට, හොඳ හෝ දුර්වල යනාදී මට්ටම් අතුරින් කුමන මට්ටමක පවතී ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්නැයි" පැවසූ විට, 28% ක් අදහස් දැක්වූයේ ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවයි. (ආන්තික දෝෂය ± 2.87% සහිතව) මෙය, 2023 ජූනි මාසයේ පැවති තත්ත්වය හා සමාන වන අතර, එදා මෙම ප්‍රතිශතය 27%ක් විය.

ආර්ථිකයේ ඉදිරි දැක්ම හොඳ අතට හැරෙමින් පවතී: 30%

"සමස්තයක් ලෙස රටේ ආර්ථික තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හොඳ අතට ද? නැතිනම් නරක අතට ද? යැන පැනයට, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30% ක් විශ්වාස කළේ රටේ ආර්ථිකය වඩාත් හොඳ අතට හැරෙමින් පවතින බවයි. (ආන්තික දෝෂය ± 2.91% සහිතව). මෙයද, මෙම ප්‍රතිශතය 29%ක් වූ 2023 ජූනි මාසයේ පැවති තත්ත්වය හා සමාන ය.

කොහොම නමුත් මේ කියන ජනමත සමික්ෂණ යනු මේ රටේ සමස්ත හෝ බහුතර ජනතාවකගේ මත පල කිරීම නොවේ. තෝරා ගත් ඉතා කුඩා කණ්ඩායමක මතයය. මේ කියන වෙරිටේ ආයතනය මෙම සමීක්ෂණය සඳහා යොදා ගත් නියැදියේ සිටින්නේ 1028 ක තරම් ප්‍රමාණ‍යකි. එම නියැදිය තෝරා ගැනීමේ නිර්ණායකයන් අනුව මෙයින් රටේ බහුතරයකගේ ජනමතය නියෝජනය වනු ඇතැයි ඔවුන් උපකල්පනය කරයි.

මේ සමීක්ෂණ කුමක් වුවත් මේ මහ පොළොවේ පය ගහල ඒ සමඟ ගැටෙමින් ජීවත් වන කාට වුවත් පැහැදිලිව පෙනෙනන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය. විශේෂයෙන්ම ජනතාවව මුහුණ දී සිටි ආර්ථික පීඩාවන්ගෙන් ක්‍රමයෙන් ගැලවෙමින් සිටීම මත විශාල පිරිසක් ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන පැහැදිමකට පත්ව ඇත. ජනාධිපති රනිල් රාජ්‍ය නායකයා ලෙස රටේ අර්බුද ක්‍රමයෙන් විසඳගෙන කටයුතු කරමින් සිටින ආකාරය ගැනද ජනතාවට සැහීමකට පත් විය හැකි තත්වයක්ව තිබේ. ඒ කාර්යභාරය විපක්ෂ දේශපාලන මත දරන්නෙකුට වුව ප්‍රතික්ෂේප කළ නොහැකි තැනක තිබේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනතාවගේ පැහැදීම වර්ධනය වීමෙහි අනෙක් ප්‍රතිපලය නම් විපක්ෂය කෙරෙහි ඇති පැහැදීම ක්ර්මයෙන් වියැකී යන බවය. කොහොම නමුත් විපක්ෂය තමන්ට ජනතා කැමැත්තෙහි රැල්ලක් ඇති බව ඔවුන් විසින්ම කියන්න ගත්තේ සමාජ මාධ්‍ය වල ඔවුන් විසින්ම ගොඩ නගන ලද ඊනියා ‍රැල්ල අනුවය.
රැල්ලක් හැදු විට එ් මත තවත් රැලි හැදෙමින් මේ රැලි විශාලව පෙන්නුම් කිරීම මීට මාස කිහිපයක් වන තෙක් දකින්නට තිබුණද මේ වන විට එ්වා ක්ර්මයෙන් පහව ගොස් ඇති බවත් විපක්ෂ කෙරෙහි විවේචනාත්මක රැලි ඇති වෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මේ අනුව සමාජ මාධ්‍යන් ගොඩනැගුව රැලිද අඩු වෙමින් යන කළ මහ පොළොවේ තත්වයන් ඊට වඩා බොහෝ වෙනස් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. කොටින්ම ඇත්ත සමාජය තුළ විපක්ෂයේ අමුතු රැලි කිසිවක් ඇත්තේ නැත.

ජනතාව කොහොමත් සිටියේ ජනාධිපති රනිල් රට සම්බන්ධයෙන් යම් සාධනීය කාර්යභාරයක් ඉ‍ටු කරනු ඇති බවට විශ්වාසයෙනි. එය ඔහු ජනාධිපති තනතුරට පත් වූ දා සිට ප්‍රදර්ශනය විය. ගාළුමුවදොර අරගල බිමෙන් ජනතාව නික්ම ගියේ එබැවිනි. රට පුරා තැන්න් තැන තිබු විරෝධතා අවසන් වූයේ එබැවිනි.

ආණුඩු විරෝධයන්, රනිල් විරෝධයන් තවදුරටත් මතු කරමින් රටේ පාලකයන්ට එරෙහිව විශාල රැල්ලක් ඇති බව තහවුරු කරන්නට විපක්ෂය තවදුරටත් විරෝධතා උද්ඝෝෂණ සහ වෙනත් උපක්‍රමික පියවරයන් ගනු ලැබුවද ඔවුන් ජනතාවගෙන් හුදකලා වීම සිදු වෙමින් පෑවැතිනි.

මේ බව විපක්ෂයටද අවබෝධ වූවාට සැක නැත. මන්ද යත් තමන්ට නැති වූ ‍රැල්ල යළි ගොඩනැගීම වෙනුවෙන් වැඩවර්ජන රැල්ලක් ඇති කර ජනතාව ආණ්ඩුව කෙරෙහි විරෝධයකට ගොනු කරගැනීමට ඔවුන් ගත් උත්සාහයෙන් ඒ බව පෙනිනි. නමූත් පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් දියත් කරන ලද වැඩ වර්ජන ‍රැල්ලට ඔවුන් බලාපොරොත්තු වූ ලෙස ජනතාවගේ කැමැත්ත හිමි වූයේ නැත. ඒ තබා ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ලෙස වැඩ වර්ජන රැල්ලට විශාල ජනතා විරෝධයක් ඇති වීම විශේෂම තත්වයක් විය.

මේ නිසා මේ වැඩ වර්ජන සිදු කරන්නෙ අපි නෙවෙයි ආණ්ඩුවම යැයි කියන තැනටත්, මැතිවරණයන් අවසන් වන තෙක් වැඩ වර්ජනය වලට තමන් සහභාගි නොවන බවත් කියා සිටියේය.

ජවිපෙ කියන ලෙස වැඩ වර්ජන ඇති කළේ තමන් නොවේ නම් මෙම වැඩවර්ජන රැල්ල එක් වරම නතර වන්නට හේතුවක් නැත. වැඩ වර්ජන සියල්ල එකවර නතර වන්නට හේතුව මේවා සියල්ල මෙහෙය වීම ජවිපෙ විසින්ම සිදු කළ නිසාය.

කොහොම නමුත් දැන් ජනතාව සිටින්නේ මේ විපක්ෂය සමග විපක්ෂයේ පිස්සු කෙලීම් සමඟ නොවන බව වැඩ වර්ජන වලට අත් වූ ඉරණමෙනුත් පැහැදිලිය.
මේ අනුව බහුතර ජනතාවක් ආණ්ඩුව සමඟ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ සිටින බවත් පැහැදිලිය. සමීක්ෂණ වාර්තාවල කුමක් සඳහන් වුවත් ඇත්තම කරණය බහුතරයක් ජනතාව සිටින්නේ මේ මොහොතේ ආණ්ඩුව ඉටු කරන ‌‌යුග කාර්යභාරය ගැන විශ්වාසයෙන්ය.

අනෙක් කාරණයක් වන්නේ මේ කියන වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය කාලය මුළුල්ලේම තමන්ගේ සමීක්ෂණ පරීක්ෂණ ආදිය පෙන්වා දෙමින් ආණ්ඩුව කෙරෙහි බරපතල විවේචනයන් මතු කර ජනතාව තුළ ආණ්ඩු විරෝධයක් ඇති කිරීමට උත්සහ ගත් ආයතනයක් වීමයි. එමෙන්ම මෙම ආයතනයේ මේ කියුම් කෙරුම් විශ්වාසනීය තැනක තිබුණේ නැත. එ් තුළ ස්වාධීන අපක්ෂපාතී බවක් හෝ නිවැරදි බවක් පෙනෙන්ට තිබුණේ නැත. එ් අනුව මෙම ආයතනයටත් අද ආණ්ඩුවට වාසිදායක වන තරමේ සමීක්ෂණ ප්‍රතිපලයක් එළියට දැමීමට සිදුව තිබීමෙන් යළි තහවුරු වන්නෙ රට තුල තිබෙන ඇත්තම ජනමතය මොවුන්ටත් දරා ගත නොහැකි තැනක තිබෙන බවය.

බහුතරයක් ජනතාවට පක්ෂපාතව සිටින බව පැහැදිලි පරිසරයක් තුළ බොරු වාර්ථා එළියට දැමීම සිදු කළ නොහැක. මේ අනුව රටේ ජනතාව වෙරිටේ ආයතනය පෙන්වා දෙන කතාවට වඩා ආණ්ඩුවට පක්ෂපාත බව අවබෝධ කරගත හැකිය.

 

WhatsApp Image 2024 07 15 at 12.49.31 ae230e63

Last modified on Monday, 15 July 2024 13:08

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us