ජනතාව ලබාදුන් බලය උපයෝගී කර ගනිමින්, ජනතාව බලාපොරොත්තු වනවාටත් වඩා ඉහළින් රට ගොඩගැනීමේ වගකීම රජයට ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් වී පැය 12 කට පමණ පසු යළි TikTok යෙදවුම වෙත පිවිසීමට අමෙරිකානු ජනතාවට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් ලැබී තිබේ.

අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක මහතා අද (ජනවාරි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබේ. 

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණා. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි (76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියළුම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Connet With Us