76,000 පිළිකා එන්නත රුපියල් 370 ක් දක්වා පහළ ට

Published in පුවත්
Monday, 20 January 2025 09:38

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණා. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි (76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා.

ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය.

උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (17) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවැසුවේය. මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩ තමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල් ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ. ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිති වෙන ඒව. හැබැයි නීතියානුකූලයි ඒ නිසා අපි මේ හැම දේම වෙනස් කල යුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව මේ බොහෝ අය මාධ්‍ය හැදුණුපතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය ඒ අය අපෙන් තොරතුරු ලබා ගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනව ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.

- ලංකාදීප 

Last modified on Monday, 20 January 2025 09:45

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us