මෙය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයක් ලෙසයි.
උතුරු ප්‍රාන්තයේ මහවිරු සමරු පිළිබඳ අරුණ පුවත්පත මගින් වැරදි විදියට පළ කළ නිවේදනයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණිල්ලක් අනුව, මෙම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම, පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම්, හා උප කර්තෘ තුෂාර උඩවත්ත යන මහතාවන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ප්‍රකාශ සටහන් කර ඇත.