මෙම අයදුම්පත් අතරින් අස්වැසුමේ ප්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් ලබාගෙන ඇති පිරිස තේරීම් කිරීම සඳහා නිවස් වෙත ගොස් සංගණන කටයුතු සිදුකිරීමට නියමිතයි.
පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක් ලැබී සිටියේ අතර, එනම් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තහවුරු වී ඇත.
මේ වනවිට ප්‍රතිලාභීන්ට දාහත්ලක්ෂ 20,000ක ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
කාණ්ඩ 04ක යටතේ ප්රතිලාභ මුදල් ලබා දී ඇති අතර, අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක්, දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 10,000ක, සහ අවදානම් සහ සංක්‍රාන්ති කාණ්ඩ දෙක සදහා මාසිකව රුපියල් 5,000ක ප්රතිලාභ ලබා දීම සිදුකෙරේ