යළි සහල් හිඟයකට ඉඩක් නෑ ජනපතිගෙන් පොරොන්දුවක්

Published in පුවත්
Monday, 20 January 2025 12:40

එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (19) පස්වරුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ අබාධිත ජනතාව ඇතුළු පාර්ශ්ව රැසකට සහන ලබාදීමට සැලසුම් කර ඇති බවය.

ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසනයේ පාක්ෂික හමුවක් ඊයේ පස්වරුවේ හොරණ පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
                    
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"අවුරුදු කීයටද ආණ්ඩුව හදලා තියෙන්නේ. අවුරුදු 5කට. එහෙම නම් අපිට යන්න තියෙන දුර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ පරාජය වුණාට පස්සේ ඒ කණ්ඩායම් පොඩ්ඩක් කෑ ගහනවා. හැබැයි පොඩි කාලයයි. දැනුත් කට්ටිය කෑ ගහනවා ආණ්ඩුව ස්ථාවර වෙන්න කලින් ඒක අවුල් කරන්න පුළුවන් ද ? වට්ටන්න පුළුවන් කියලා. අපි ඒ අයට කියනවා හැමකෙනාටම හීන දකින්න අයිතිය තියෙනවා."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us