අස්වැසුමට අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට Featured

Published in පුවත්
Monday, 20 January 2025 07:26

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5000 බැගින් මාසිකව අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම සිදුකෙරේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us