"ජාතික පුනරුදයක් සඳහා අපි එක් වෙමු" යන තේමාව යටතේ 77 වන නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාවේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහ ජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව පර්යේෂණ ඒකකයක් ඊයේ (ජන. 15) ආරම්භ කර තිබේ.

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. 

චීන රජයේ නිල ආරාධනයක් අනුව එරට සංචාරයක් සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සාකච්ඡාවක් පැවැත්විණි.

Connet With Us