ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.

ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිකටයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ඩයස් මහතාව රත්නපුර සහ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලදිවයින සඳහා ජල බෝතල් ලක්ෂයක ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එප්පාවලදි මැර ප්‍රහාරයකට ලක්ව එප්පාවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට පැමිණි මැර පිරිසක් විසින් ඔහුට අද (06) උදෑසන රෝහලට පැමිණ තර්ජනය කර තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භවීමට දින කිහිපයක් තිබිය දී රජයේ මුද්‍රණාලයේ රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයාට ස්ථානමාරුවීම් ලබාදීම සැක සංකා ඇති කරන තත්ත්වයක් බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් පෙන්වාදෙයි.

ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

 මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනරැළියේ ඡායාරූප එකතුව  පහතින්  

Bertolt Brecht ගේ ' he who says yes' වන කෙටි නාට්‍ය' සිරිත වන්දනා කිරීම'ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි . මුල්වරට 'සිරිත වන්දනා කීරීම' ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍ය වේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ' සිරිත වන්දනා කීරීම' 2014 දෙසැම්බර් 14 වැනිදා ඉතාලියේ Brescia හී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

Connet With Us