එප්පාවල වීදි ප්‍රසංගයකට මැර ප්‍රහාරයක්

Published in පුවත්
Saturday, 06 December 2014 10:05

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය. ඊයේ (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.

වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා ඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

සාමය සමගිය වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි තමාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යයි ප්‍රකට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.

රජ්ජුරුවන්ට බණින්න එපා :


‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින් කණ්ඩායමක් අපට පහර දුන්නා’ ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.

එහෙත් කොපමණ බාධා පැමිණියත් තම අරමුණ වෙනුවෙන් සටන් කරන බව කියා සිටින ජයතිලක බණ්ඩාර තමන් මරා දැමුවත් මේ සටන නොනවතින බව අවධාරණයෙන් පවසයි.

ප්‍රහාරය වීඩියෝ ගත කරමින් සිටි එප්පාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සෝමරත්න ප්‍රහාරයට ලක් වූ තවත් තැනැත්තෙකි.

ප්‍රහාරකයන් තම වීඩියෝ කැමරාවටද හානි සිදු කළ බව බව කියා සිටි මාධ්‍යවේදී තිසර සෝමරත්න පහර දුන් පුද්ගලයන් අඳුනා ගත් බව පවසයි.

එප්පාවල ප්‍රහාරය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන් ම පැමිණිලි ලැබී ඇති බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us