ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ලක් රජය මෙම තීරණය ගෙන ඇත. මාලදිවයිනට ජලය සපයන ප්රධානතම ආයතනයේ ඇති වූ ගින්නක් හේතුවෙන් එරට ජල සහ අපජල පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇත.
තවත් දින කිහිපයක් ගත වන තුරු එය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එරට වාර්තාවල සඳහන් වේ. මේ හේතුවෙන් මාලදිවයිනේ සියළුම දෛනික කටයුතු අඩාල වී ඇති අතර හදිසි තත්ත්වයක් ද ප්රකාශයට පත් කරනලදී.