'දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදීක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමසම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා වැඩසටහන ඉදිරිපත් කළ චතුර අල්විස් මහතා හමුවීමට විශේෂ විමර්ශන කණ්ඩායම සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “මෛත්‍රී භාවනාව” නම් වූ වැඩ සටහන මේ වනවිට “මෙත් වඩමු” යනුවෙන් වෙනස් කොට තිබේ.

ඉන්දියාවේ හා රුසියාවේ නායකයෝ වාර්ෂිකව සිදු කරන සාකච්ඡාව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මැතිතුමා එක් දින සංචාරයක් සඳහා එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා (11) ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඩබ්. ඩී. අමරදේව මහතා අද(05) දින සිය 87වන උපන්දිනය සමරයි.

ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව, එංගලන්තයට එරෙහි ව සිවුවෙනි හා පස්වෙනි එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප‍්‍රතිසංස්කරණ සමග වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සිවිල් සමාජය විසින් ඉදිරිපත්කර ඇති ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව මහජනයා දැනුවත් කිරීමත් ඔවුන්ගේ සහාය ලබා ගැනීමත් සදහා වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන් යන තේමාව යටතේ පැවැත්වෙන වීධියේ විරෝධය දෙසැම්බර් 5 එප්පාවල සහ අනුරාධපුර නගරයේ දීත්, දෙසැම්බර් 6 දඹුල්ල සහ කුරුණෑගල නගරයේ දීත්, දෙසැම්බර් 7 හලාවත නගර වලදී පැවැත්වේ.

ඇතැම් පෞද්ගලික නාලිකා සැලසුම් සහගතව නින්දිත ලෙස දේශපාලනය කරන බටට රජය චෝදනා එල්ල කරයි.

එවන් නාලිකා පවත්වන දේශපාලන වැඩසටහන් සදහා මින් ඉදිරියට රජයේ නියෝජිතයන් සහභාගී නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ  බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය. 

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.

ෆැශන් විද්‍යාව සමග එක්වී නිර්මාණයවූ ලස්සන අැදුමක් ගැනයි මේ පුවත.

Connet With Us