ජනාධිපතිගේ රැලියෙන් ක්‍රීඩාංගණයට හානි Featured

Published in පුවත්
Friday, 05 December 2014 11:01

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.



මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බව ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි.


විශාල අපරාධයක්


උතුරු මැද පළාත් ඇමතිවරයාගේ උපදෙස් මත මෙය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසයි.

වර්තමානයේ ක්‍රීඩකයින්ට පමණක් නොව අනාගත පරම්පරාවේ ක්‍රීඩකයන්ටත් ක්‍රීඩා කළ හැකිව තිබූ මෙම ක්‍රීඩාංගණය දේශපාලන රැස්වීමක් වෙනුවෙන් අහිමි කිරීම විශාල අපරාධයක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ලේකම් සාගර පියතිලක පවසයි.

අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් වල නිලධාරීන් ඊයේ (04) දහවල් උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් හමු වී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයට සිදු කරනු ලබන හානිය නවත්තන මෙන් ඉල්ලා සිටියහ.

ක්‍රීඩා සංගම් වල නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහා ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ මංගල රැස්වීම වෙනත් ස්ථානයක පැවැත්වීමට නොහැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us