දේශපාලන වැඩසටහන්වලට අපි නැහැ

Published in පුවත්
Friday, 05 December 2014 11:07

ඇතැම් පෞද්ගලික නාලිකා සැලසුම් සහගතව නින්දිත ලෙස දේශපාලනය කරන බටට රජය චෝදනා එල්ල කරයි.

එවන් නාලිකා පවත්වන දේශපාලන වැඩසටහන් සදහා මින් ඉදිරියට රජයේ නියෝජිතයන් සහභාගී නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ  බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය. 




රජයේ මාධ්‍ය


මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ රජයේ මාධ්‍යවලටද එවන් චෝදනාවක් ඇති බව අමාත්‍යවරයා පිළිගත්තේය.

බදාදා රාත්‍රියේ දෙරණ රුපවාහිනී නාලිකාවේ පැවැත්වූ දේශපාලන සංවාදය අතරමැද නවතා දැමීමට සිදුවුයේ දුරකථනයෙන් එයට සම්බන්ධවූ පුද්ගලයකු තමාට අපහාස වන ආකාරයෙන් කථා කළ බව පවසා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ එම වැඩසටහනින් ඉවත්වීම හේතුවෙනි.

එහිදී අමාත්‍යවරයා අදාළ නාලිකාව පක්ෂග්‍රාහී බවට චෝදනා කළ අතර පසුව අදාළ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණ.

මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීහු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළහ.

"ඔවුන්ගේ මතවාදය වෙනත් නමක් දාලා ප්‍රශ්න අහනවා, නීතිමය වශයෙන් ඔවුන් බයයි කරන බොරුව රටට හෙළිවෙයි කියලා," යනුවෙන් අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

අදාළ චෝදනාව රාජ්‍ය මාධ්‍යවලටද වලංගු නොවේදැයි බිබිසිය විමසුවිට අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය මාධ්‍යවලටද එවන් චෝදනාවක් ඇති බවයි.


පොලීසිය


දුරකථනයකින් යම් පුදගලයෙකු ප්‍රශ්නයක් ඇසූ විට ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළ නාලිකා ප්‍රධානින් පොලීසියට කැඳවන්නේ ඇයි දැයි විමසුවිට අමාත්‍යවරයා පැවසුවේ දුරකථනයෙන් කථා කළ පුද්ගලයා හදුනා ගැනීමට එසේ කළ බවයි.

පසුගිය සති කිහිපයේදීම සිරස නාලිකාව හා ටි.එන්.එල් නාළිකාව සංවිධානය කළ වැඩසටහන්වලට නියෝජිතයන් සම්බන්ධ කිරීම රජය ප්‍රතික්ෂේප කල අතර අමාත්‍යවරයා පැවසුවේ පක්ෂග්‍රාහී යැයි හැඟෙන නාලිකාවලට නොයා සිටීමට පක්ෂවලට පුද්ගලිකව අයිතියක් ඇති බවයි.

ඊයේ, බදාදා පැවති අදාළ වැඩසටහනේදී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අදාළ නාලිකාවට චෝදනා කලේ ඔවුන්ට බල පත්‍රය ලබාදුන්නේ ආණ්ඩුව විසින් බව පවසමිනි.

මේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීහු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.

" ඒ කතාවට හේතුව ඕනෑම නාළිකාවක එවන් චෝදනාවක් එල්ලකරන කොට අදාළ දුරකථනය විසන්ධි කරනවා, නමුත් මේකෙදි එහෙමවුනේ නැහැ"

" අනික යම් කිසි කෙනෙක් ඒ විදිහේ තත්වයකට පත්කලාම තමන්ගේ හැගීම් පාලනය කර ගැනීමට බැරිව ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්," යනුවෙන් ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

මෙම නාළිකාවට රජයේ ප්‍රබල දේශපාලනඥයෙක් සම්බන්ධදැයි විමසුවිට අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවයි.

යම් දේශපාලනඥයෙකුට එරෙහිව චෝදනාවක් ඇත්නම්, අදාල දේශපාලනඥයාද සහභාගිවන වැඩසටහනකට කථා කොට ජනතාවට ඒ සම්බන්ධයෙන් විමසීමට අයිතියක් නොමැතිදැයි බිබිසිය මෙහිදී විමසු අතර අමාත්‍යවරයා පැවසුවේ නාලිකාවල ලබාදෙන කෙටි කාලය නිසා පිළිතුරු ලබාදීම අසීරු බවයි.

" හොදම දේ තමයි පැටලෙන්නේ නැතුව පැත්තකට වෙන එක," ඇමතිවරයා පැවසුවේය.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us