ඒකාධිපති වියරුවට එරෙහිව යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට වීදියේ විරෝධය රට පුරා

Published in පුවත්
Friday, 05 December 2014 11:15

ප‍්‍රතිසංස්කරණ සමග වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සිවිල් සමාජය විසින් ඉදිරිපත්කර ඇති ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව මහජනයා දැනුවත් කිරීමත් ඔවුන්ගේ සහාය ලබා ගැනීමත් සදහා වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන් යන තේමාව යටතේ පැවැත්වෙන වීධියේ විරෝධය දෙසැම්බර් 5 එප්පාවල සහ අනුරාධපුර නගරයේ දීත්, දෙසැම්බර් 6 දඹුල්ල සහ කුරුණෑගල නගරයේ දීත්, දෙසැම්බර් 7 හලාවත නගර වලදී පැවැත්වේ.



මෙම ව්‍යාපාරය කළා හා සංස්කෘතික අංග ගණාවකින් සමන්විත වන අතර  මේ ස`දහා වීදි නාට්‍ය, වීදි ගායනා, වීදි සංවාද, වීදියේ ප‍්‍රදර්ශණ, වීදි සිතුවම්, කවි බණ, සොකරි නාට්‍ය, බෙර වැයුම්, මහජන අදහස් ඉදිරිපත් කිරීම සදහා නිදහස් තාප්පය, විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව මහජන පෙත්සම, දැනුවත් කිරීමේ ප‍්‍රකාශන පති‍්‍රකා බෙදා හැරීම, පොස්ටර් ඇලවීම් වැනි වැඩසටහන් රාශියකින් සමන්විතව තිබේ. 

මෙම ව්‍යාපාරය මහජනයා ගැවසෙන ප‍්‍රධාන නගර, වීදි, මහජන පොල, බස්නැවතුම් පොල, දුම්රිය පොල මෙන්ම දුම්රිය තුළ දී හා බස් රිය තුළ දී ත් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම එක් වැඩසටහනක් සදහා 100 දෙනෙකුගෙන් සමන්විත සංස්කෘතික කණ්ඩායමක් සහභාගී කරවීමටත් එම කණ්ඩායම් විවිධකාරයෙන් හැඩ ගැන්වී ඉහත කි‍්‍රයාකාරකම් හි නිරත කිරීමටත් මෙම වැඩසහන පැවැත්වෙන සෑම දිස්ති‍්‍රක්කයකින් එම දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාකාරී 100 දෙනෙකු සහභාගී කරවීමටත් සැලසුම් කර තිබේ. 


දෙසැම්බර් 5 උදේ 10.00 එප්පාවල 
දෙසැම්බර් 5 සවස 2.00 අනුරාධපුර
දෙසැම්බර් 6 උදේ 10.00දඹුල්ල
දෙසැම්බර් 6 සවස 2.00 කුරුණෑගල
දෙසැම්බර් 7 උදේ 10.00 හලාවත

විමසීම්
ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, සුනිල් ශාන්ත,
'වීදියේ විරෝධය'

-- 

Philip Dissanayake
Executive Secretary
Right to Life Human Rights Center
No. 555, Colombo Road,
Katunayake, Sri Lanka
Tel +94 31 2221604
Mobile +94 777 749740

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us