කන්න ඕන වෙලාවට කබරගොයාත් තලගොයා වෙනවා

Published in පුවත්
Saturday, 06 December 2014 09:49

හිටපු ඇමති නවීන් දිසානායක මහතාට රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමට තැත් කළ බවට කියැවෙන ප්‍රකාශය ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දීම තුළ ඔහුට පහලව ඇති හදිසි සත්ව කරුණාව තේරුම් ගැනීම එතරම් අපහසු නැතැයි එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (05) සදහන්කර සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රුපියල් මිලියන 100 ක අල්ලස් මුදලක් තමන්ට ලබා දීමට සූදානම් වූ බව නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා බෙහෙවින් කලබල වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙස ට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් පවා ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම දුෂ්ඨ රංගනයට හේතුව රජයෙන් ඉවත් වූ මැති ඇමතිවරු වත්මන් රජය සම්බන්ධයෙන් නගන චෝදනා නවතා ගැනීම බව එජාපය පවසයි.
එම නිවේදන‍යේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

වත්මන් රජයේ දූෂණ වංචා රැසක් පිළිබඳව විපක්ෂයට එක් වූ අවස්ථාවේ දිසානායක මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි. විශේෂයෙන් ම මහා මාර්ග අමාත්‍යංශය විසින් ඉදි කරන ලද මාර්ගවල විය පැහැදම් සම්බන්ධයෙන් දිසානායක මහතා ආන්දෝලනාත්මක කරුණු රැසක් එහිදී අනාවරණය කර තිබුණි. එම විෂය භාර අමාත්‍යවරයා වනුයේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රකාශකයින් වඩා කුපිතව ඇත්තේ ඒ නිසා විය යුතුය.

නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයා ට රුපියල් මිලියන 100 ක අල්ලස් මුදලක් ලබා දීමට ගත් උත්සාහය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු විරෝධයක් නොමැත. අප මෙහිදී විරුද්ධ වනුයේ දුෂ්ඨ සැඟවුණු න්‍යාය පත්‍රයක් සහිතව එය සිදු කිරීම සම්බන්ධවය.

තමන් ට ද මේ ආකාරයට අල්ලස් ලබා දීමට උත්සාහ කළ බව ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍යයට හෙළි කර තවම වැඩි දවසක් ගතව නොමැත. තමන්ට රුපියල් මිලියන 600 ක් හා කොළඹින් සුඛෝපභෝගී නිවසක් ලබා දීමට යෝජනා වූ බව විමල් වීරවංශ පවසා තිබුණු අතර, ඊටවිශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලැබී තිබුණි.

සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න ද මේ හා සමාන ප්‍රකාශයක් සිදු කර තිබුණේ රුපියල් මිලියන 450 ක මුදලක් පිල් මාරුව වෙනුවෙන් තමාට යෝජනා කළ බව කියමිනි. නමුත්, ඒ එකදු හෝ අවස්ථාවක දූෂණ, වංචාවට, අල්ලසට එරෙහිව වන ජනාධිපතිවරයාගේ මේ හෘද සාක්ෂිය අවධි වූයේ නැත.

අනෙක් අතට, වත්මන් රජයේ අමාත්‍යවරු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය කාලයේ පරීක්ෂණ පැවැත්වූ බවට ආරංචි පැතිරුණු මුත් ඒවායේ ප්‍රතිඵල මේ දක්වා පිටතට ප්‍රකාශ වී නොමැත. අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂමේ පරීක්ෂකයන් ඇමතිවරයෙකු සොයා පැමිණෙද්දී තමන්ව නයෙකු කෑ බව කියමින් ඇමතිවරයකු සැඟවුණු ආකාරය ද අපට අමතක නැත.

කන්න අවශ්‍ය වූ විට කබරගොයාත් තලගොයා වන දූෂිත, දේශපාලන සංස්කෘතියක තම දේශපාලනයට එරෙහිවූවන් පසුපස පන්න පන්නා පළිගන්නා අධම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාවට ලැබී ඇතැයිද එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us