හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කසාද බඳින එකත් ලේසි පහසු දෙයක් නෙමේ. පණ යන වැඩක්. විවිධ රටවල්වල පවතින අමුතු විදියේ විවාහ චාරිත්‍ර ගැන දැනගත්තම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටික කලක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියේය. ඒ හේතුවෙන් ඔහුට පසුගිය නවසීලන්ත සංචාරයටද සහභාගී වීමට නොහැකි වූයේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද (05) නියෝග කළේය.

කේපීට රට යන්න තහනම්

Published in පුවත්
Thursday, 05 February 2015 12:09

කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද(05) අගාමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ යම් මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණවල යෙදෙමින් සිටින බව මාධ්‍යවල වාර්තාවෙයි.

පැරණි මිලටම කිරිපිටි සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීමක් අද (05)සිට ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

රටින් පිටවීමේ නියෝගය නිකුත් කිරිම සඳහා ගුවන් ටිකට් පත රැගෙන එන ලෙස නොයෙල් මුදලිගේ නම් ඕස්ට්‍රේලියානු පුරවැසියා නොහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හට දැනුම්දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

චීනයේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කර තිබෙනවා. එරට සමාජවාදී දේශපාලන ක්‍රියාපිළිවෙතට අන්තර්ජාලය හරහා එල්ල වන බලපෑම් වැලැක්වීමේ අරමුණින් මෙම නීති දැඩි කර ඇතැයි පැවසේ .

Connet With Us