ශ්‍රී ලාංකේය ආහාර ඉන්දි­යා­නු­වන් අතර ජන­ප්‍රිය කර­වීමේ අර­මු­ණින් සංවි­ධා­න කළ ශ්‍රී ලාංකික ආහාර උත්ස­ව­යක් ඉන්දි­යාවේ මුම්බා­යිහි දී පවත්වා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.

මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රියේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම පෙන්වා දෙයි.

පිළිකා 50කට වඩා වැඩි ප්‍රමාණයක් කල් ඇතිව සහ ඉහළ නිරවද්‍යතාවකින් යුතුව හඳුනාගැනීමට හැකි නව රුධිර පරීක්ෂණයක් පිළිබඳව උතුරු ඇමරිකාවේ සිදු කළ "PATHFINDER 2" සායනික අත්හදා බැලීම ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති බව වාර්තා වනවා.

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

පසුගිය දින කිහිපයේම පැවැති අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us