News Items (18842)
ඊශ්‍රායලය සහ හමාස් අතර ගාසා සාම සැලැස්මේ පළමු අදියර සම්බන්ධයෙන් එකඟතාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ගාසා තීරයේ තත්ත්වය දැක බලා ගැනීම සඳහා එහි සංචාරය කිරීමට තමා සලකා බලන බව ප්‍රකාශ කර තිබෙනවා.
පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සම්බන්ධයෙන් නිවේදනයක්
2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා - තායිලන්ත වෙළඳ ගිවිසුමේ පෙත්සමට ලැබුණු තීන්දුව
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් 24%කට විශාදය
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විශාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය. මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට මෙවර අයවැයෙන් සහන
2025 අයවැය මගින් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහා 2026 අයවැය මගින් ප්‍රතිලාභ සලසන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය චන්දන අබේරත්න පැවැසීය.
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළා යැයි කියන සැකකරුට ඇප !
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
