පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සම්බන්ධයෙන් නිවේදනයක්

Published in පුවත්
Thursday, 09 October 2025 18:26

2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වන දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවත්ය.

ඒ අනුව,

2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග ඇතුළත් ව සිදු කිරීම යෝග්‍ය බව දැනුම් දී ඇත.

* 2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම.

* දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික හා පාසල් ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය.

* ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පළමුවන ශ්‍රේණියේ නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳ ව පළමුවන ශ්‍රේණියට පිවිසෙන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.

* නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදු කිරීම.

එමෙන්ම, නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අයුරින් මෙම වැඩසටහන පැවැත්විය යුතු අතර සිසුන්ට හා දෙමාපියන්ට කිසිදු අපහසුතාවක් නොවන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට අවධානය යොමු කළ යුතු වේ.

මෙම වැඩසටහන සාර්ථක ව පැවැත්වීමට පාසලේ සියලු ම අංශ සහ පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශවවල සහයෝගය හා සහභාගිත්වය ලබා ගැනීම සුදුසු බව සඳහන් වේ.

එසේ ම පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන (ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක්) 2026 ජනවාරි මස 02 වනදා සිට 2026 ජනවාරි 16 දින දක්වා (රජයේ නිවාඩු දින හැර) ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව ක්‍රියාත්මක කළ යුතු ය.

දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට පසු ව පාසලට ඇතුළත් කර ගනු ලබන සිසුන් වෙනුවෙන් ද ඉහත සඳහන් අදාළ ක්‍රියාකාරකම් නම්‍යශිලී ලෙස සිදුකිරීමට පළමුවන ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතුය.

ඒ අනුව සකස් කරන ලද උපදෙස් සහිත ලිපිය සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම පාසල් ප්‍රධානීන් (ප්‍රාථමික පන්ති පැවැත්වෙන රජයේ පාසල් හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්) වෙත යොමුකර ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us