News Items (18842)
රෝහල් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට දුඹුරු සීනි අනිවාර්ය කෙරේ
රජයේ රෝහල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදී රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කර ඇත.
වායුගෝලීය කැළඹිලි ස්වභාවය නිසා කාලගුණයෙන් බලපෑම්
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොට්ටාව පොලිස් නිලධාරීන් 6කට වැඩ වරදී - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුන තීන්දුව මෙන්න
පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කර තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
මෙරටට පැමිණෙන සියලු විදේශිකයින්ට ETA අවසර පත්‍රය අනිවාර්යයි
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ.
ගාසා සටන්විරාම ගිවිසුමට ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබයි
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
