රෝහල් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට දුඹුරු සීනි අනිවාර්ය කෙරේ

Published in පුවත්
Wednesday, 15 October 2025 07:38

රජයේ රෝහල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදී රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කර ඇත.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ කියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්තශාලා මගින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 56,000ක් වාර්ෂිකව නිපදවන්නේය.

උක් වගාවේ සාර්ථකත්වය හේතුවෙන් වාර්ෂික දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් ඇතැයි රජය සඳහන් කරයි.

දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළේ විකුණුම් අවස්ථා වැඩිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රජයේ ආයතනවලට ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි සපයා ගැනීම අනිවාර්ය කිරීමටත්, ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිලදී ගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහාත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන බහුල ලෙස දුඹුරු සීනි ප්‍රසම්පාදනය කරන බවත්, මෙම රාජ්‍ය ආයතන හරහා දුඹුරු සීනි මිලදී ගැනීම ඉහළ දැමූ පසුව දුඹුරු සීනිවල මිල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us