ගාසා සටන්විරාම ගිවිසුමට ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබයි

Published in විදෙස්
Tuesday, 14 October 2025 07:48

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ.

ඊජිප්තුවේ පැවති සමුළුවේ දී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර්මි එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබේ.

ගාසා තීරයේ ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් 20 දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් අනතුරුව ගිවිසුම අත්සන් තැබීම සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුව තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us