අද (20) වන විට මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 40,538 ක් බවත්, එයින් සියයට 44.3 ක් බස්නාහිර පළාතෙන්ද, සියයට 13.9 ක් සබරගමු පළාතෙන්ද වාර්තා වන බවට සඳහන් වේ.
වැසි සමයේ මදුරු ඝනත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වුවද පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට නොලැබුණ බවත්, එහෙත් කාලගුණ තත්ත්වය මත ඉදිරියේදී රෝගීන් වැඩිවීමේ අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
වෛද්‍යවරිය සඳහන් කළ දත්ත අනුව, මෙම වසරේ අවදානම්ම දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කය.
ඩෙංගු අවදානමෙන් මිදීම සඳහා, වැස්සත් සමඟ ජලය රැඳෙන්නට හැකි සියලුම ස්ථාන කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටී.
එසේම වැසි සමයේදී උණ සමඟ ඇඟපත වේදනාව, මාංශපේශී වේදනාව, වමනය හෝ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පවතී නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවන ලෙස ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම ඉල්ලා සිටී.