අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත වෙයි

Published in පුවත්
Monday, 20 October 2025 11:39

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය.

2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇත.

මෙම කොට්ඨාශය මගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු වේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කොට්ඨාශය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වසර 03ක කාලයකට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති අතර එම පත්වීම ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කර අති බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද අසංග කරවිට මහතාය.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය මගින් රාජ්‍ය ආයතන 34කට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට සහය පළ කළ යුතු බවට පනත මගින් නීත්‍යානුකූලව දැනුම් දී තිබේ.

ඊට අමතරව ඕනෑම ආකාරයකින් සිදුකර ඇති වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීත්‍යානූකූලව මෙම කොට්ඨාශයට බලය හිමිවන අතර අපරාධමය නොවන වත්කම් ඉපැයීම් පිළිබඳව සිවිල් නඩු පැවරීමේ හැකියාව ද පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us