ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට - නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Published in පුවත්
Monday, 20 October 2025 09:49

පසුගිය දින කිහිපයේම පැවැති අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණියේත් ඊයේ (19) දිනය තුළත් ලැබුණු අධික වර්ෂාපතනය හමුවේ ගංවතුර අවදානම් තත්ත්වයට පැමිණ ඇති බවය.

මේ හේතුවෙන් අදාළ ගංවතුර නිම්නයේ පහත්බිම් ආශ්‍රිත ජනතාව වෙත ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට රාජාංගනය ජලාශයද තත්ත්පරයට ඝණ අඩි 8,870ක සීඝ්‍රතාවයකින් යුතුව ජලය මුදා හැරීම් සිදුවන බවත් මේ හේතුවෙන් කලාඔය ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට යම් ගංවතුර අවදානමක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද ඉදිරි දිනවල නිකුත් කර ඇති කාලගුණ පුරෝකතණයන්ට අනුව සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් කැලණි ගංගා ද්‍රෝණියෙහි හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශයන් හී ගංවතුර නිම්නවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ඉහළ ධාරා ප්‍රදේශයන් වෙත ලැබුණහොත් පහළ ප්‍රදේශයන් ඉතා ඉක්මනින් ගංවතුර අවදානමකට ලක්විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය‍

මේ අතර කාලගුණ අනාවැකි අනුව ඉදිරි දින කිහිපයත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බැවින් කැලණි, කළු, මහ ඔය, දැදුරු ඔය, කලාඔය, වැනි ගංගා ද්‍රෝණින් හී වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (20) රාත්‍රි 9 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දිහිඔවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස සඳහා ද අදියර එක යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගගකෝරයළය සහ රත්තොට, යන ප්‍රදේශවලට ද මෙසේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්යේ කලවාන, ඉඹුල්පේ, රත්නපුර සහ ඇහැලියගොඩ යන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අද රාත්‍රී 9 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙසේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us