උදා වූ නව වසරට අගමැති මහින්ද රාජපක්ෂ සුභාසිංසන පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කරගන්නා ලෙසත්, දේශීයත්වයට මුල් තැන ලැබෙන රජයේ ආර්ථික දැක්ම ඔස්සේ රට තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් ඇති වීම ස්ථීර බවත් ඒ තුළ ජනතාවගේත් රටේත් අනාගතයට සෞභාග්‍ය උදාවනු ඇති බවත්ය.

උදා වූ නව වසර වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් පණිවුඩයක් එක් කර තිබෙනවා. පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතු බවත්,ඒ වෙනුවෙන් සකල ශ්‍රීලාංකේය ජනතාවට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත්ය.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබේනවා.

දුර ගමන් සේවා බස් ධාවනය අද සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි, දිස්ත්‍රික්ක කිහිපයකට ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් මෙම තත්වය ඇති විය හැකි බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.
ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි වර්ෂාපථනයක් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන්.

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ශාලා හිමියන්ට ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සහන කාලසීමාවක් ලබාදිමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us