ඊයේ සවස ශ්‍රීලනීප නියෝජිතයන් සමඟ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ නියොජිතයන් පිරිසක් අතර පැවැති සාකච්ඡාව අසාර්ථකව අවසන් වූවත් මෙම සාකච්ඡාව සාර්ථක බව මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශකර තිබිණි. ඊට හේතු වෙ ඇත්තේ ශ්‍රීලනීපයේ කොන්දේසිවලට යටත්ව සන්ධානයක් පිහි‍ටුවීමට බැසිල් රාජපක්ෂ ශ්‍රීලනීපයෙ ඉල්ලිමට එකඟවීම නිසා බව ශ්‍රීලනිප අරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන නිල ප්‍රකාශය නිකුත් කරන තෙක් ශ්‍රිලනිපයේ ස්ථාවරය ප්‍රකාශට පත් නොකරන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) සවස පැවැති ශ්‍රිලනිප ආසන සංවිධාකවරුන්ගේ ‍රැස්වීමේදී අවධාරණය කර තිබේ.

නන්දසේන ගෝඨාභය සහ පොහොට්‍ටු ප්‍රධානින් අතර වර්ධනය වෙමින් තිබෙන බල අරගලය දැන් උග්‍ර අතට පත්වෙමින් තිබේ. නන්දසේන පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ හෝ එම පවුලේ කැමත්තකින් වත් පොදුජන පෙරමුණේ අනෙක් නායකයින්ගේ ඒකමතික කැමැත්තකින් හෝ නොවේ.

ඉදිරි ජනාධිපතිවරණයෙ හි එජාප අපේක්ෂකයා නම් කරන තුරු ශ්‍රීලනීපයේ තීන්දුව ප්‍රකාශට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

අද මව්බිම පුවත් පත අද ප්‍රධාන සිරස්තලය ලෙස සඳහන් කරන්නේ බැඳුම්කරේ මිලියන හැත්තෑපහක් රනිල්ගේ ගෙදරටම ගිහින් දුන්නා - ඇලෝසියස් "මව්බිමට" කියයි මැයෙන් යුතු පුවතය. ඒ අනුව විවාදාත්මක මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන අර්ජුන් ඇලෝසියස් එජාප නායක රනිල් වික්‍රමසිංහට රුපියල් මිලියන 75 ක මුදලක් ඔහුගේ අතටම බාර දී ඇතැයි පැවසේ. ඒ 2015 ජුලී 23 වන දිනය.

ඊයේ(24) පැවැති පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේ ප්‍රධාන නිවේදකයන් ලෙස මුල්‍ය අපරාධ චෝදනා සහ වෙනත් අපරාධ චෝදනා එල්ල වී ඇති දිළුම් අමුණුගම සහ සේනානි සමරනායක නැමැති දෙදෙනාව සහභාගී කරවීම සිතා මතාම සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි ගෝඨාභය පාර්ශ්වයේ මිලිටරි පාර්ශ්වකරුවන් පිරිසක් එම සංවිධාන කටයුතු සිදු කළ අයට චෝදනා කර තිබේ.

මිනිසුන්ගේ ආගම ඇදහීමේ නිදහස එකකි. එහෙත් ආගමික බලහත්කාරය තව එකකි. මේ රටේ මෑත දේශපාලන ඉතිහාසය සලකා බැලීමේ දී රටේ පැවතිය යුතු සාමය සමාදානය කෙලසා දැමුවේ කහකඩධාරී මුග්ධ පූජක පැලැන්තිය බව අවධාරණයෙන් කිව යුතුය. රටට අද මහ කොඩිවිනයක්ව තිබෙන්නෙ මේ මුග්ධ කහකඩධාරීන්ගේ ත්‍රස්තවාදී බලහත්කාරයයි.

ගෝඨාභයගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නේ යෝජිත SOFA සහ ACSA ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා හා ඔහු එකඟවන්නේ නම් පමණක් බවට අප විසින් හෙළිදරව් කරන ලද පුවත සනාත වන තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ,

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us