අප්‍රේල් 1සිට රටේ සියලු වෙළෙඳසැළ් වලින් රජයේ සහතික මිළට සහල් !

Published in පුවත්
Friday, 26 March 2021 10:00

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු කැකුළු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ. සභාපති,සමුපකාර කොමසාරිස් ,හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව එහිදි අදාල මිල ගනන් යටතේ වි අලෙවිමණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවිකිරිමට ඔවුන් එකග වූ බවයි සදහන් වන්නේ.

මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රදේශිය වෙළදසැල් 4000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිවනවා...

මේ වන විට සහල් පිළිබදව රට පුරා විවිධ ප්‍රචාරයන් සිදුවෙමින් පවතින අතර , සහල් හිගයක් පවතින බවත් වෙළදුන් පාරිභෝගිකයන් හට වැඩි මිළට සහල් අලෙවි කිරීමත් නිසා පාරිභෝගිකයා දැඩි අපහසුතාවයකට පත් වී සිටීම හේතුවෙන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.

-පංචාලි අබේසේකර

m1m2m3

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us