රජයෙන් සහන නොලැබුනහොත් අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළට !

Published in පුවත්
Thursday, 25 March 2021 16:33

රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කර තිබෙනවා.

එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම මෙයට හේතුවී ඇති බවයි.
මේ හේතුවෙන් බේකරි කර්මාන්තය ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ..

මේ පිලිබදව ඔහු දැක්වූ අදහස් ,

“පිටරටින් ආනයනය කරන තෙල් වර්ග, මාගරින් වර්ග ඒ සියළුම දේවල් වල මිල ඉහළ ගිහින් තියෙනවා.ලංකාවේ නිෂපාදනය කරන මාගරින්වල මිලත් ඉහළ ගිහින් තියෙනවා.පිටරටින් ගේන මාගරින් ගෙන්නන්න විදියක් නෑ කිසිම කෙනෙකුට.ආනයනික මාගරින් 1kg සඳහා රුපියල් 600 දක්වා බද්ද වැඩිකරලා තියෙනවා .”

ඒ අනුව රජය ඇතුළු සියලුම පාර්ශවයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර තිබෙන නමුත් මේ වන තුරු බදු සහනයක්වත් නොලැබුණු බවත් ඉදිරියේදී යම්කිසි සහනයක් ලැබෙන බවට ඔවුන් බලාපොරොත්තුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

-පංචලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us