ලංගම කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි සියලු සේවකයන් ස්ථිර කිරීමට පියවර

Published in පුවත්
Thursday, 25 March 2021 16:15

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාළ විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවද අමත්‍යවරයා පවසා සිටියා.

රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාළ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රට පුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින රියදුරු සහ කොදොස්තර පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් අතුරින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මහා මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ අමාත්‍යංශය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us