සිංහරාජය ආශ්‍රිතව ජලාශ ඉදි කිරීමෙන් සිංහරාජයට බලපෑම් ! යුනෙස්කෝ අනතුරු අගවයි

Published in පුවත්
Thursday, 25 March 2021 12:41

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා සඳහන් කළේ, තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවය.

එහිදී මෙම ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගිං ගඟ හරස් කරමින් ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයේ මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අවසර දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුවට ද ලිපියක් යොමු කළ බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us