ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ තුන්වැනි දිනය මේ වන විටත් පාර්ලිමේන්තුව තුල පැවැත්වේ. අද පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
තව ද දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද ලබන මස 8 සහ 9 දෙදින තුළ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි විය.
-පංචාලි අබේසේකර