ශ්‍රී.ල.නි.පයට අගතිගාමී වන තීරණ ගන්නේ නැහැ ! දයාසිරි

Published in පුවත්
Friday, 26 March 2021 11:36

ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බව එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (25) රාත්‍රීයේ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම ඔහු ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් පසු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේවෙතත් නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා අද ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදෙන බවද දායාසිරි ජයසේකර සදහන් කර තිබෙනවා.

මේ පිළිබදව අදහස් පළකළ ආමාත්‍ය දයාසිරි ,

"පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. මනාප ක්‍රමය පිළිබඳව මුල ඉඳලම අපේ තිබුණා ප්‍රශ්නයක්. ප්‍රදේශයට නැත්නම් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් අපි පහුගිය මැතිවරණයේදී ඉදිරිපත් කළා. ඒ මතයේ ඉඳගෙන අපි යම් යම් සාකච්ඡා ගණනාවක් සිදුකළා. අවසන් තීන්දුවකට ඇවිත් නෑ. 30 වනදා අපි වැඩිදුරටත් සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තුවෙනවා. අපි හදපු ආණ්ඩුවේ අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ශ්‍රීලනිපයට අවාසියක් වෙන කිසිදු තීරණයක් අපි ගන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අදහස් භාරදීමටත් කටයුතු කරනවා." යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us